පාර්සල් පහක තිබූ මත්ද්‍රව්‍ය රේගුවට හසුවෙයි

Share

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරු වෙත කැනඩාව ,නෙදර්ලන්තය හා ඇමරිකාව යන රටවල්වලින් කොළඹ ප්‍රදේශයේ සැක සහිත ලිපිනයන් භාවිතා කරමින් ඒවා තිබූ සැකකටයුතු පාර්සල් පහක් නවතා පරික්ෂා කර තිබෙනවා.

එහිදී පාර්සලයේ තිබී kush නැමැති ගංජා විශේෂය කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

මෙම පාර්සල් අතර කොකේන් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 ද සොයා ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍යවල සම්පූර්ණ වෙළෙඳපොළ වටිනාකම මිලියන 19 ආසන්න වනවා.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය පිළිබඳව විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් සිදු කරනු ලබන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍යය නාශක අංශයට භාරදීමට නියමිතව තිබෙනවා.

Read more

Local News