කොරෝනා ආසාදිතයකු තුළ වෛරසය සක්‍රීය ව පවතින්නේ, දින 5ක් පමණක් බවට නවතම පරීක්ෂණ මගින් හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
පර්යේෂණයන්ට අනුව ආසාදිතයින්ට සිදු වන බලපෑම වෛරසයේ ආයු කාලය ආදී බොහෝ කරුණු පිළිබඳ කරුණු ද අනාවරණය කරගැනීමට වෛද්‍ය පර්යේෂකයින් සමත් වී තිබෙනවා.
මෙරට සමස්ත කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 623,248ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ තවත් මරණ 36ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,692ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.



