අද උදෑසන 7ට පමණ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේ දී පීලි පැනීමට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කටයුතුවලට බාධා එල්ල වී ඇත.
ඉන්ධන ගැලුම් 5800ක් ප්‍රවාහනය කරමින් තිබූ ටැංකි සහිත මැදිරි දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන මැදිරියක් මෙලෙස පීලි පැන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.



