අ.පො.ස (උ.පෙළ) විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්ට දැනුම්දීමක්

Share

2020 වර්ෂයේ අ.පො.ස. (ස.පෙළ) ප්‍රතිඵල අනුව අ.පො.ස (උ.පෙළ) විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්, වෘත්තීය පුහුණුව සඳහා යොමු කොට රැකියා ගත කිරීමේ වැඩසටහනක් මිනිස් බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කොට තිබේ.

ඒ අනුව 2020 වර්ෂයේ අ.පො.ස. (ස.පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් අතරින් අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා සුදුසුකම් නොලද සංඛ්‍යාව 98000 ක් පමණ වේ.

එයින්, ගණිතය විෂයය අසමත් නමුත් පසුව සමත් වීමේ පදනම මත අ.පො.ස. (උ.පෙළ) සඳහා පෙනී සිටින සිසුන් හැර ඉතිරි පිරිස ඉලක්ක කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

අ.පො.ස. (උ.පෙළ) සඳහා සුදුසුකම් නොලද සිසුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හඳුනා ගෙන ඔවුන්ගේ කුසලතා, හැකියා හා රුචිකත්වය අනුව වෘත්තීය පුහුණු දීමට අපේක්ෂා කෙරේ.

එමෙන්ම අවශ්‍යතාව අනුව ජාතික යොවුන් සේනාංකය හා ජාතික තරුණ සේවා සභාව වෙත ද යොමු කරනු ලැබේ.

මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Read more

Local News