ජනාධිපතිතුමාගේ නියෝගය පරිදී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ අවශ්‍ය හෝ කළ යුතු ඔ්නෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා වන බව එම ගැසට් නිවේදනයේ සදහන් වනවා.




