මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පරිප්පුවා අත්අඩංගුවට

Share

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.02.14 වන දින පැය 1900 ට කොළඹ ගරු මහේස්ත්‍රාත් අධිකරණය මගින් අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තු නිකුත් කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානවඩුගේ අසංක මදුරංග නොහොත් පරිප්පුවා නමැති අනුවර්ථනාමයෙන් හදුන්වනු ලබන පුද්ගලයෙකු TYPE 82 වර්ගයේ ජීව අත්බෝම්බයක් සමග කෝන්කඩවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අඹන්පොල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News