ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
රජගහනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්රථම සංඝ සන්නිපාතය ද සිදුවූයේ අද වැනි නවම් පුන් පොහෝ දිනකදීයි.
බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ සදහා ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කළේද අද වැනි දිනෙක බව ශාසන ඉතිහාසයේ සදහන් වනවා.
එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනකදීයි.
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේට දකුණත් සවු සහ වමත් සවු යන ශාසනික තනතුරු පිරිනැමීම ද නවම් පොහෝ දිනක දී සිදුව තිබෙනවා.
ලෝක වාසී සියළු බොදු ජනයාට පින් බර පොහොය දිනයක් වේවා !



