රෝහලක දී හෝ ඉන් පිටත සිඳුවන මරණ සඳහා pcr පරීක්ෂණ මින් ඉදිරියට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසනවා.
මේ අතර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන කොවිඩ් රෝගීන්ගෙන් වැඩි පිරිසක් මැදි වියේ පසුවන පුද්ගලයින් බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ චන්දන ගජනායක මහතා ප්‍රකාශ කරන්නේ.



