ඉන්ධන මිල වැඩි කරන තෙක් ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පවසන අතර ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුව නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල මේ වන විට ඉන්ධන හිඟයක් දක්නට ලැබෙන බවයි.
නමුත් මේ වන විට රටේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.



