තමන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසදුමක් අවශ්‍ය බව රජයේ හෙද නිලදාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
රජය සාකච්ඡා පැවැත්විය යුත්තේ වර්ජකයින්ගේ සංගම් සමඟ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සාධාරණ විසදුම් දුන්නේ නැත්නම් ඉදිරි ක්‍රියාමාර්ගවලට යාමට සිදුවන බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කළා.



