ඉන්ධන මිල වැඩි කරන බවට පලවන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නැති බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමේ සුදානමක් පවතින බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.
ඉන්ධන මිල වැඩි කරන තෙක් ඉන්ධන තොග ඇතැම් පිරවුම්හල්වල සඟවා ඇති බවත් ඔහු වැඩිදුරත් ප්‍රකාශ කළා.



