විශේෂ කාර්ය බලකාය ලාහුගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් යටතේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.පී. සරත් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.02.23 වන දින පැය 2335 ට පොතුවිල් පොලිස් වසමේ ගල්අමුණ ප්‍රදේශයේ දී පමණ පුරාවස්තු සොයා කැණීම් කරන ලද මොණරාගල, හුලංනුගේ හා දොඹගහවෙල පදිංචි වයස අවුරුදු 37, 43, 54, 67 පසුවන පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ :-
1) පූජා භාණ්ඩ.
2) දිග 91 cm ක් වූ සාමාන්‍ය සේවා නූල් 01 යි.
3) කළු පැහැති වෙඩි බෙහෙත් මි.ග්රෑ. 2,880 යි.
4) හයිමැග්නීසියම් අයන් පවුඩර් මි.ග්රෑ. 36,050 යි.
5) විදුලිමය නොවන ඩෙටනේටර් 02 යි.
6) යකඩමිටි 01 යි.
7) ගල්කටු 01 යි.
8) යතුරුපැදි 01 යි.




