හොරොයින් අලෙවිකළ පුද්ගලයකු අත්අඩංගුවට

Share

කොළඹ හා ඒ අවට මහා පරිමානයෙන් හොරොයින් අලෙවිකළ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුන ජයසුන්දර මහතාගේ නියෝගපරිදි බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජේෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අදීක්ෂනය යටතේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.02.25 වන දින කොටහේන පොලිස් වසමේ අංක 50/1, හයවන පටුමග කොට⁣හේන ලිපිනයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී නීති විරෝධී විෂමත්ද්‍රවයක් වන හෙරොයින් අලවිකිරිම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 54 ක් සහ හෙරොයින් අලෙවිකර උපයාගත් රුපියල් 7,670,000.00 ක ( රුපියල් හැත්තහය ලක්ෂ හැත්තෑ දහසක් ) ක මුදල් හා හෙරොයින් අලවිකිරිමට උපයෝගි කරගත් ජංගම දුරකතන දෙකක්ද සමග ශ්‍රී කදිරේෂන් වීදයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබෙනවා.

Read more

Local News