කම්කරු වන්දි (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට – වන්දි මුදල ඉහළට

Share

කම්කරු වන්දි ( සංශෝධන ) පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊට අදාළ පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කළේ ය.

විවාදය ආරම්භ කළ අමාත්‍යවරයා ;

මේ පිළිබඳ උනන්දු වූ අය සමඟ සාකච්ඡා කර වන්දි වැඩි කිරීමට මෙම පනත ගෙන එන බව කම්කරු අමාත්‍යවරයා පැවසීය.

”සෑම කම්කරු සේවකයින්ගේ වන්දි මුදල හතර ගුණයකින් වැඩි කර තිබෙනවා. රජයේ සේවකයකු සේවයට එන විට සහ ගෙදර යන විට අනතුරක දී වන්දි ගෙවනවා.

පෞද්ගලික අංශයට ලබුණේ නෑ. වන්දි ගෙවීමේ පරාසය පුළුල් කර රජයේ සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ පෞද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන ලෙස සංශෝධන ගෙන එන බව ද අමාත්‍යවරයා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ අඳහස් දක්වමින් පැවසීය.

Read more

Local News