බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව සුහද සංචාරයක් සඳහා අද (22) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
දිගින් මීටර් 103.7 ක් සහ පළලින් මීටර් 12.5 කින් යුත් බන්ගාබන්දු නෞකාව ටොන් 2407 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 233 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළබෙන මාර්තු 25 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.