ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

Share

2022 වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා (19) කොළඹ දී පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මහා සභා රැස්වීමේ දී එම තීරණය ගෙන ති‌බෙනවා.

2010 වසරට පසුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

ආසියානු කුසලාන සුදුසකම් ලබා ගැනීමේ තරගාවලිය අගෝස්තු 20 වැනිදා ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read more

Local News