එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායක වේන් රූනිට වසර දෙකක රිය පැදවීමේ තහනමක්

බීමත්ව රිය පැදවීමේ චෝදනාවට වරදකරු වු එංගලන්ත හා මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම්වල හිටපු සුපිරි ක්‍රීඩක වේන් රූනිගේ රියදුරු බලපත්‍රය වසර දෙකක් තහනම් කිරීමට එංගලන්ත අධිකරණය තීරණය කර ඇත.

ඔහුගේ ප්‍රශ්වාස වාතයේ සාමාන්‍යයෙන් අඩංගු විය යුතු නීත්‍යානුකූල මධ්‍යසාර ප්‍රමාණයට වඩා තුන් ගුණයක් වැඩියෙන් මධ්‍යසාර තිබු බව පොලීසිය සොයාගෙන ඇත.