නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට (ඡායාරූප)

Share

විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පොලිස් පරීක්ෂක එස්.ඒ.සි. ශිරන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.21 වන දින පැය 1205 ට කුච්චවේලි පොලිස් වසමේ ඉරණකේනි, විජිත ස්ටෝර්ස් අසල කොන්ක්‍රීට් අතුරු මාර්ගයේ දී බලපත්‍ර නොමැතිව නිකුත් කිරීමේ අංක මකා ඇති පුපුරණ ද්‍රව්‍ය වෝටර්ජෙල් කරල් 20 ක් (කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 750) හා විදුලිමය නොවන ඩෙටනේටර් 25 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිකුණාමලය පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News