තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්

Share

ක්ෂේත්‍ර කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි අංක 2272/09 අංක දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව එම සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මේ අනුව විදුලි බල සැපයුම – රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක්, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය ගනයට යටත් කර තිබෙනවා.

මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර පසුගිය මස 22 වනදා ද අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

Read more

Local News