අස් වූ ඇමතිට යළිත් අමාත්‍ය ධූරයක්

Share

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හෙට (23) සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරන අතර ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නව අමාත්‍යංශයක වැඩ භාර ගැනීම සඳහා ජී.ඇල්.පීරිස් මහතා මෙලෙස ඉල්ලා අස්වන බවයි.

නැවත වරක් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා සදහන් කරන්නේ ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අලුතින් පත්කර ඇති බවයි.

ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙතැන් පටන් ‘විදේශ අමාත්‍යවරයා’ ලෙස නොව ‘විදේශ කටයුතු අමාත්‍යවරයා’ ලෙස කටයුතු කරනු ඇත.

Read more

Local News