ඉන්ධන පිරවුම්හලේ ගැටුමට සොත්ති උපාලිගේ පුතු අත්අඩංගුවට

Share

නාවල ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පහර දී මුදල් මංකොල්ලකෑ ප්‍රබල පාතාල කල්ලි සාමාජික සොත්ති උපාලිගේ පුතා ඇතුලු සැකකරුවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

2022.03.18 වන දින නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත නාදුනන පුද්ගලයින් පස් දෙනෙකු පැමිණ එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා පහර දි මුදල් මංකොල්ලකෑමේ සිද්ධියට අදාළව වැටලීම සිදු කර තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍ර.පො.ප. නදික සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.23 වන දින බොරැල්ල හා කොළඹ 08 යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27, 29 පසුවන සැකකරුවන් දෙදෙනෙකු මහත් පරිශ්‍රමයක් දරා සීසීටීවී දර්ශන සහ බුද්ධි තොරතුරු මත අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

තවදුරටත් තොරතුරු සොයා බැලීමේ දී මෙහි එක් සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වු දැනට මියගොස් සිටින සොත්ති උපාලි නමැති පුද්ගලයාගේ පුතෙකු වන බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

Read more

Local News