අපයෝජනයට ලක්වන දරුවන්ගේ වීඩියෝ සාක්ෂි පටිගතකිරීමේ මධ්‍යස්ථානයක්

Share

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අපයෝජන හා විවිධ අපරාධ සඳහා ගොදුරුවන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ සාක්ෂි ලෙස පටිගත කර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙලෙහි පළාත් මට්ටමෙන් ස්ථාපිත පළමු මධ්‍යස්ථානය උතුරු කොළඹ ශික්ෂණ රෝහල තුළ පිහිටි ළමා පියස පරිශ්‍රයේ ආරම්භ කිරීමේ වැඩසටහන 2022 මාර්තු මස 23 වන දින කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතේ නීතිමය ප්‍රතිපාදනයන්ට යටත්ව ආරම්භ කරන ලද නව මධ්‍යස්ථානය මඟින් අපයෝජනයට හා විවිධ අපරාධ සඳහා ගොදුරුවන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම මඟින් ලබාගනිමින් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාග සඳහා ඉදිරිපත් කෙරෙන අතර එමඟින් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය තුල දරුවන් විවිධ ආකාරයෙන් ද්විතික වින්දිත බාවයට පත්වීම සහ සමාජයට අනාවරණය වීම තුලින් සමාජමය වශයෙන් පත්වන අපහසුතාවයන් වැලැක්වීමට හැකි වේ.

එසේම පොලිස්ථානයක් තුලදී හෝ වෙනත් ස්ථානයකදී දරුවන් සාක්ෂි ලබාදිමේ කටයුතුවලට සම්බන්ධවීම මඟින් ඇතිවිය හැකි අහිතකර බලපෑම් වලක්වා ගනිමින් ළමා මිතුරු පරිසරයක් තුළ දරුවාගේ උපරිම යහපත සහ ආරක්ෂාව සැලැස්වෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට මෙම වැඩපිළිවෙල ඉවහල් වේ.

එසේම අපයෝජනයට ලක්වන දරුවන්ගේ වීඩියෝ සාක්ෂි පටිගත කිරීම පුහුණු උපදේශන නිලධාරීන් සහ වෘතීය මට්ටමේ තාක්ෂණික දැනුම ඇති වෘතිකයන් හරහා සිදුකිරීම මගින් මෙම සාක්ෂි වඩාත් විශ්වසනීයව හා බලපෑමකින් තොරව ලබාගත් අපක්ෂපාති සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

Read more

Local News