ලංකාවේ කන්න නෑ කියලා ඉන්දියාවට යන සරණාගතයින්

Share

කන්න නැති බව කියමින් ඉන්දියාවේ තමිල්නාඩුවට පිරිසක් පළා ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායමට 16 දෙනෙකු ඇතුලත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ රටේ අහාර හිඟයක්ද පවතින බව පවසමිනුයි මෙම පිරිස යාපනය සහ මන්නාරමේ සිට තමිල්නාඩුවට ගොස් තිබෙන්නේ.

ඒ මුහුදු මාර්ගයෙනුයි.

රාමේශ්වරම් වෙරළේ දූපතක අතරමංව සිටියදී මෙම පිරිස වෙරළ ආරක්ෂකයින් විසින් බේරාගෙන තිබෙනවා.

අලුත උපන් මස 4ක බිළිදෙකු හා අවුරුදු 06 සහ වයස අවුරුදු 09 වයස් කාණ්ඩවල දරුවන් දෙදෙනෙකුද සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම සරණාගතයින් ඉන්දීය පොලීසියට පවසා ඇත්තේ අහාර සෙවීමට සති ගානක් දුක්විදි බවයි.

අන්තිමට ධීවර බෝට්ටුවකට රුපියල් 50,000ක් ගෙවා පැමිණි බවද මෙම සරණාගතයින් පවසා තිබෙනවා.

තවත් පවුල් ඉන්දියාවට ඒමට ක්‍රම සොයන බවයි මේ පිරිස ප්‍රකාශ කර ඇත්තේ.

Read more

Local News