මෙරට ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා (24) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
එළඹෙන අලුත් අවුරුද්දට සාධාරණ මිලට සහල් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය සතුව ඇතැයිද අමාත්‍යවරයා කීය.
ඉදිරියේදී ආහාර අර්බුදයකට රට මුහුණ දෙමින් සිටින බව සහ ඒ සඳහා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



