විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරික්ෂක එස්.පී.සී. පල්ලියගුරුගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.24 වන දින පැය 1500 ට කඩවත පොලිස් වසමේ දී වැටලීමක් සිදු කර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 10, මිලි ග්‍රෑම් 70, ජාවාරමෙන් උපයා ගන්නා මුදල් රු. 240,000 හා ඩිජිටල් තරාදියක් හා ජංගම දුරකථනයක් සමග හෙරොයින් ජාවාරම් කරමින් සිටි සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.



