මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් “සොබාධනවි” ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරයවලින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිවන, “සොබාධනවි” ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රවිකෘත වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම වෙනුවෙන් පසුගියදා පැවති විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.
මෙම බලාගාරය ඉතා දිගු කාලයක් ඉදිකිරීම ප්‍රමාද වූ ව්‍යාපෘතියක් බවත් නිසි කලට මෙම බලාගාරය ඉදිකිරීමට සමත්වූවානම්, අද රට මුහුණ දී තිබෙන විදුලි අර්බුදය ඇති නොවීමට තිබූ බවත් ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.



