පස්වැනි බිම්ස්ටෙක් සමුළුව අද (28) කොළඹ දී ආරම්භ වේ.
සමුළුවට සහභාගී වීම සදහා බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්පෙල් පෙරේදා පස්වරුවේ දිවයිනට පැමිණි අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර්ද ඊයේ (27) රාත්‍රියේ දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියා.
තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීම බිම්ස්ටෙක් සමුළුවේ ප්‍රධාන අරමුණයි.
2022 මාර්තු 28 සහ 29 යන දිනවල දී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, මියන්මාර විදේශ අමාත්‍යවරයා අතථ්‍ය ලෙස ඊට සහභාගී වනු ඇත.
බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල නායකයින්ගේ අතථ්‍ය සහභාගීත්වයෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති 2022 මාර්තු 30 වන දින 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේ මුලසුන හොබවනු ඇත. මියන්මාරය නියෝජනය කරමින් මියන්මාර විදේශ අමාත්‍යවරයා මෙම සමුළුව සඳහා සහභාගී වනු ඇත.



