ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Share

අතුරුගිරිය නගරයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි 85 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

පෙරේදා (26) මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේදී මියගොස් ඇති අතර ඔහු අතුරුගිරිය, පෝරේ, ගල්පොත්ත පාරේ පදිංචි එම්. ජිනදාස පෙරේරා නමැති පුද්ගලයෙක්.

වෑන් රථයකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි අදාළ පුද්ගලයා ඉන්ධන පෝලිමේ තෙවැනියට සිටියදී රෝගාතුර වී අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිට ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසනවා.

Read more

Local News