සෞදි සංවර්ධන අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට

Share

සෞදි සංවර්ධන අරමුදලේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂා කරන බව සෞදි තානාපති අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති (Abdulnasser Hussain Al-Harthi) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසා තිබෙනවා.

සේවා කාලය නිම කර දිවයිනෙන් පිටත්ව යන අබ්දුල්නසර් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබෙනවා. සිය ධුර කාලය තුළ හුසේන් අල් හාර්ති මහතා දැක් වූ සහාය ජනාධිපතිතුමාගේ ද පැසසුමට ලක් වී තිබෙනවා.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සහ ශ්‍රී ලංකාවේ ඇති තවත් ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට සෞදි රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් හාර්ති මහතා පවසා තිබෙනවා.

Read more

Local News