අද සහ හෙට ඩීසල් පෝලිම්වලට එන්න එපා

Share

අද (30) සහ හෙට (31) ඩීසල් ලබාගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලා සිටින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසා තිබෙනවා.

ඩීසල් මෙට්‍රික්ටොන් 37500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් ඩීසල් හිගයක් ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයන බව ද, පෙට්‍රල් බෙදාහැරීමේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද සඳහන් කළා.

Read more

Local News