පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට ශිෂ්‍යත්ව

Share

පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බුර්කි (Major General (R) Umar Farooq Burki) මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්, බත්තරමුල්ල, ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාර්තු 28 දින සිදු විය.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට, පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට සහ රාජ්‍ය සේවයට ශිෂ්‍යත්ව විශාල ප්‍රමාණයක් මේ දක්වා පකිස්ථානු රජයෙන් පිරිනමා ඇති අතර ඒ පිළිබඳ එම රජයට, අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළ කළේ ය.

ඉදිරියේ දී තව දුරටත් ශිෂ්‍යත්ව අවස්ථා වැඩි වශයෙන් ලබා දෙන බව ද මහ කොමසාරිස්වරයා පැවසී ය.

Read more

Local News