ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

Share

ශ්‍රී ලංකාවේ ශාක ස්වස්ථතා සහතිකකරණය (Phytosanitary Certification in Sri Lanka) වැඩි දියුණු කිරීම තුලින් ඉක්මනින් නරක් වන ශාකමය භාණ්ඩ අපනයන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම උදෙසා, ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක් ලබා දී ඇත.

ජාතික ශාක නිරෝධායන සේවය, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ සහ ඊට අදාළ වෙළඳ ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා රෝග හා පළිබෝධවලින් තොර නිරෝගී ශාක සහ ශාක නිෂ්පාදන, ජාත්‍යන්තර මට්ටමෙන් වෙළදාම් කිරීම සඳහා පහසුකම් සලසනු ලැබේ.

අපනයන සහතිකය ශක්තිමත් කිරීම මෙන්ම ආනයන පරීක්ෂා කිරීම සඳහා රට තුළට ඇතුළුවන සහ පිටවන ස්ථානවල නිශ්චිත පළිබෝධ රෝග විනිශ්චය සඳහා අවශ්‍යතා සපුරාලීම හරහා ශාක සනීපාරක්‍ෂක සහතික කිරීමේ පහසුකම තවදුරටත් වැඩිදියුණු කිරීමට මෙම ආයතනය අපේක්ෂා කරනු ලැබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත, රට තුළ අපනයන සහතික කිරීම පහසු කිරීම සඳහා රෝග විනිශ්චය ශිල්පීය ක්‍රම සහ ශාක සනීපාරක්‍ෂක පරීක්‍ෂණ සේවා ශක්තිමත් කිරීම සඳහා උපකරණ සැපයීම සඳහා ජපන් ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 880) ප්‍රදානයක් ලබා දීමට ජපන් රජය එකඟ වී ඇත.

Read more

Local News