ඉදිරි පැය කිහිපය තුළ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මේ පිළිබඳව අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ සඳහන් කළේ, ඉදිරි පැය කිහිපය තුළ නව කැබිනට් මණ්ඩලයක් පත් වනු ඇති බවයි.



