සියලු දෙනාට එකඟ විය හැකි පොදු වැඩපිළිවෙලක් සකස් කරන්න – කතානායක

Share

දේශපාලන අරමුණු පසෙක ලා විවාදය අවසානයේ දී සියලු දෙනාට එකඟ විය හැකි පොදු වැඩපිළිවෙලක් සකස් කිරීමට හැකිවන පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුව ආරම්භයේ දී සියලු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී පැවති විවාදයයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සහ විසඳුම් ඉදිරිපත් කිරීම විරල වීම කණගාටුවට කරුණක් බව කතානායකවරයා සඳහන් කළේය.

Read more

Local News