අපි ප්‍රජාතන්ත්‍රවාදය දිවිහිමියෙන් ආරක්ෂා කරනවා – ජොන්ස්ටන් ප්‍රනාන්දු

Share

අපි ප්‍රජාතන්ත්‍රවාදය දිවිහිමියෙන් ආරක්ෂා කරනවා – ජොන්ස්ටන් ප්‍රනාන්දු

ව්‍යවස්ථාවෙන් පිට වැඩ කිරීමට රජය කිසි ලෙසකින් ඉඩ නොතබන බවත් රටේ පරමාධිපත්‍ය සහ ප්‍රජාත්‍රන්තවාදය රජය දිවිහිමියෙන් ආරක්ෂා කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (07)පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ව්‍යාවස්ථාවෙන් පිට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් සිදුකළ කතාවේ දී ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා කිසිසේත් ඉල්ලා අස්වෙන්නේ නැති බව අමාත්‍යවරයා‌ මෙහිදී සඳහන් කළේය.

Read more

Local News