වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි

Share

පාලනය කරගත නොහැකි ස්වභාවික විපත් නිසා 2021 යල කන්නයේ වී, බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ළූණු හා මිරිස් වගාවන්ට සිදු වූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි ගෙවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසයි.

මෙම රක්ෂණ වැඩසටහන යටතේ වාරික මුදල් අය කිරීමකින් තොරව උපරිමය අක්කරයකට රුපියල් 40,000 කට යටත්ව රුපියල් මිලියන 210 ක මුදලක් ගොවීන් 8,678 දෙනෙකුට වන්දි වශයෙන් ප්‍රදානය කර ඇත.

සියලුම ගොවීන්ට හිමි වන්දි මුදල් 2022 අප්‍රේල් 05 දින ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇත.

Read more

Local News