පාර්ලිමේන්තුවේ ඊයේ (07) සම්මත වූ අධිභාර බද්ද පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද පෙරවරුවේ ( 08) සටහන් කළේය.
ඒ අනුව මෙම පනත 2022 අංක 14 දරන අධිභාර බද්ද පනත ලෙස අද (08) සිට බලාත්මක වේ.
අධිභාර බද්ද පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.



