ලංගමයෙන් විශේෂ ප්‍රවාහන සැලැස්මක්

Share

එළඹෙන අලුත් අවුරුදු සමයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට දුරබැහැර ගම්බිම් බලා යන සහ එන මගීන් වෙනුවෙන්, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්වලට අයත් බස් රථ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක් කරගනිමින් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විශේෂ ප්‍රවාහන සැලැස්මක් සකස්කර ඇත.

අප්‍රේල් මස 08 සිට 14 දක්වා කොළඹ සිට පිට පළාත් බලා යන හා අප්‍රේල් මස 17 සිට නැවත කොළඹ බලා පැමිණෙන මගීන් සඳහා දුම්රිය සහ බස්රථ ධාවනය කෙරේ.

කොළඹ කොටුව සිට ඇල්ල දක්වා දුම්රිය ගමන් වාර 13 ක්ද, කොළඹ සිට මඩකළපුව දක්වා ගමන්වාර 15ක් ද, කොළඹ කොටුව සිට බෙලිඅත්ත දක්වා දුම්රිය ගමන්වාර 08ක් ද, කොළඹ කොටුව සිට පුත්තලම දක්වා දුම්රිය ගමන්වාර 04ක් ද ලෙස දෙදිසාවට දුම්රිය ධාවනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ කොළඹ සිට දිවයිනේ විවිධ පළාත් කරා යොදවා ඇති අතර අප්‍රේල් මස 08 බස් රථ 172ක් ද, එය දිනෙන් දින වැඩි කර අප්‍රේල් මස 12 වන විට බස් රථ 296ක් ධාවනයේ යෙදවීමටද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Read more

Local News