ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ප්රදේශ දෙකකදී මියගොස් ඇත.
අද (10) උදෑසන වෙන්නප්පුව ප්රදේශයේ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි 51 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් එම ස්ථානයේ මෝටර් රථය තුළම මියගොස් ඇත.
එසේම දංකොටුව ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණි පුද්ගලයෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇදවැටී මියගොස් ඇත.
මියගිය පුද්ගලයා 47 හැවිරිදි ගෝනවිල ප්රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.



