ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියදුරන් අද දෙවන දිනටත් වර්ජනයේ

Share

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව අද 02 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

මෙම වර්ජනය සඳහා අයි.ඕ.සී පෞද්ගලික බවුසර් රථ හිමියන්ද සිය සහය පළ කර තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහනය අඩාල වීමත් සමඟ යළිත් රට පුරා ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

ඛනිජ තෙල් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ කුලී පදනම මත ලබා ගත් ඉන්ධන බවුසර් සහ රජය සතු බවුසර් යොදා ගනිමින් මේ වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි.

Read more

Local News