කුලියාපිටියේ මාරක රිය අනතුරක්

කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් තිබෙනවා.

මෙම ඩිෆෙන්ඩර් රථය පදවාගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 14ක බාල වයස්කාර දරුවෙක්.

අනතුරින් පසු ඩිෆෙන්ඩර් රථය ප්‍රදේශවාසීන් විසින් ගිනි තබා තිබෙනවා.