ඉන්ධන ප්‍රවාහන කටයුතු 90% ක් – ටැංකි රථ රියදුරන් කියයි

Share

සිපෙට්කෝ ඉන්ධන පෞද්ගලික බවුසර් රථ හිමියන් ඊයේ පස්වරුවේ සිය වර්ජනය අවසන් කලද බොහෝ ඉන්ධනහල්වල තවමත් ඉන්ධන නැහැ.

මෙම තත්වය මගහරවා ගැනීමට ඉදිරියේදී දුම්රිය යොදා ගන්නා බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව තමාට ගෙවන මිල ගණන්ද ඉහළ දමන ලෙස බල කරමින් පසුගිය සෙනසුරාදා පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් ආරම්භ කළ වර්ජනය ඊයේ අවසන් වුණා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහන කටයුතු ආරම්භ කෙරුණු බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ නමුත් තවමත් බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නැහැ. බොහෝ ඉන්ධන හල් ඉන්ධන නොමැතිකම හේතුවෙන් වසා දමා තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් අසල ඒ අනුව දිගු පෝලිම් දක්නට ලැබුණා.

Read more

Local News