නියෝජ්‍ය කථානායක තේරීමට ඡන්දයක්

Share

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවර​යා තෝරා ගැනීමේ ඡන්ද විමසීම ආරම්භවී ඇත.

ඒ අනුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලා පිටියගේ නම යෝජනා කළ අතර ආණ්ඩු පක්ෂයේ සහායද ඔහුට ලබා දෙන බව අමාත්‍ය ජී.එල් පීරිස් ප්‍රකාශ කළා.

විපක්ෂය වෙනුවෙන් ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ නම සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර එම යෝජනාව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථිර කළේය.

නියෝජ්‍ය කථානායක ධූරයට නම් දෙකක් යෝජනා වීම හේතුවෙන් ජන්ද විමසීමකට යාමට සිදුවන බව කථානායකවරයා සඳහන් කළේය.

Read more

Local News