අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

Share

ජනතා මතයට ගරු කරමින් ආණ්ඩුව ඉවත් නොවීමට විරෝධය පළ කරමින් අද (06) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වෙන බව වෘත්තීය සමිති සංගම් පවසනවා. අද දිනයේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික මෙන්ම වතු, ගොවි, ධීවර හා බහුජන සංවිධානද මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය පළ කරන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ගුරු විදුහල්පතිවරුන්, සෞඛ්‍ය, තැපැල්, වරාය, බැංකු, විදුලිබල, ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය මෙන්ම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු වෘත්තීය සමිති 2000 ක් පමණ මේ සඳහා එක්වීමට නියමිතයි.

මේ අතර අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන අතර දුම්රිය වෘත්තීය සමිති ගණනාවක්ම අද දිනයේ හර්තාලයට එක්වීම හේතුවෙන් දුම්රිය ධාවනයද අඩාල වන බවයි එම වෘත්තීය සමිති සඳහන් කරන්නේ.

Read more

Local News