පහර දී විනාශ කල ගාලු මුවදොර 32වන දිනටත් විරෝධතාවයේ

Share

අරලියගහ මන්දිරයේ සිට පැමිණි ප්‍රචණ්ඩකාරී පිරිස් ගෝඨා ගෝ ගමට ඊයේ පහර දී විනාශ කලත් යළිත් ගෝඨා ගෝ ගමට එම ස්ථානයේ ස්ථාපිත කිරීමට නිර්පාක්ෂික අරගලකරුවන් කර තිබෙනවා.


32වන දිනටත් අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.


ඊයේ උදෑසන අරලියගහ මන්දිරයේ සිට පැමිණි ප්‍රචණ්ඩකාරී පිරිස ගාලු මුවදොර අරගල භූමියට පැමිණිමත් සමග ඇති වූ ගැටුම ක්‍රමයෙන් ව්‍යාප්ත වූ අතර ස්ථාන රැසක පොදු ජන පෙරමුණේ ආධාරකරුවන්ට සහ ඔවුන් පැමිණි වාහනවලට පහර දීම් සිදු විය. මෙම ගැටුම් හේතුවෙන් 300කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read more

Local News