සවස 2.00 න් පසුව පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද (20) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ ඌව සහ නැගෙනහිර පළාත් වල  ස්ථාන ස්වල්පයක  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.