අද කාලගුණය – ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල තරමක් තද සුළං (40-50) පමණ ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Previous articleඅදත් විදුලි කප්පාදුව පැය 3 යි විනාඩි 20ක්
Next articleපක්ෂ නායක රැස්වීම අවලංගු කෙරේ