පැය 7කට පොලිස් ඇඳිරි නීතිය ඉවතට. ජනතාව භාණ්ඩ මිලදී ගැනීමට නගරවලට පැමිණෙයි

Share

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පසුගිය 9වනදා සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 7ට ඉවත් කෙරුණා. පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ ජනතාව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සහ සේවා සපයා ගැනීමට නගරවලට පැමිණ සිටිනු දක්නට ලැබුණා.

පැය හතක කාලයක් සඳහා ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. කෙටි දුර ගමන් සේවා බස් රථ පමණක් ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ ධාවනය කරවන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ. කෙසේ වෙතත් සමහර ප්‍රදේශවල බස් ධාවනය ඉතා අවම මට්ටමක පැවතුණා.

දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් ධාවනයට එක් කර ඇති බවයි.

අද උදෑසන හතට ඉවත් කෙරුණු පොලිස් ඇඳිරි නීතිය යළි පස්වරු 2ට පැනවෙනවා. එය යළි හෙට අලුයම 6 දක්වා ක්‍රියාත්මකයි.

Read more

Local News