ඇඳිරි නීතියෙන් පසු ඉන්ධන පෝලිම් යළිත් ඇරඹෙයි

Share

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ ඉන්ධන ලබාගැනීමට පැමිණි ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැති තත්වය හමුවේ වසා දමා තිබූණා.


ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඩීසල් සංචිත සීමිත වී ඇති බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ. දිවයිනේ ප්‍රදේශ රැසක පවතින ඉන්ධන හිඟය මගහරවා ගැනීමට ඉන්ධන ප්‍රවාහන කටයුතු කඩිනමින් සිදුකරන බව පෞද්ගලික බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේ. අද උදෑසන වන විට ඉන්ධන ටැංකි රථ 70% – 80% අතර ප්‍රමාණයක් මුතුරාජවෙල සහ කොලොන්නාව පර්යන්ත වෙත පැමිණ ඇති බවත්, අනිකුත් ටැංකි රථද ඉක්මනින් ඉන්ධන ප්‍රවාහනයට එක් වන බව ඩී. වී. ශාන්ත සිල්වා මහතා පවසා සිටියා.


එසේම දැනට පවතින පෙට් රල් පෝලිම් දින තුනකින් අවසන් කළ හැකි අතර මේ වන විට ඩීසල් සංචිය හිගයක් පවතින බැවින් ඩීසල් නිකුත් කීඑීම අත්‍යාවශ්‍ය සේවා සදහා පමණක් සිදු කරන බවත් ඩීසල් නැවක් නැවත් ලැබෙන්නේ මේ මස 17වනදා බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

Read more

Local News