රට තුළ ඇති පෙට්‍රල් හිඟය මේ වන විට ජනතාවට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.
රට පුරා ම පෙට්‍රල් ගන්න ජනතාව දින කිහිපයක සිට දිගු පෝලිම්වල රැඳී සිටිනවා. ප්‍රදේශ රැසක ඩීසල් හිඟයක් ද පවතිනවා.
මේ අතර හෙට සිට ගෘහස්ථ ලිට්රෝ ගෑස් බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුවන බව එම සමාගම පවසනවා.



